හවුති කැරැලිකරුවන් ත්‍රස්තවාදියෝ - ට්‍රම්ප්



යේමනයේ සෞදි හිතවාදී රජය පෙරළා දැමීමට, සටන් වදින ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන් ත්‍රස්තවාදීන් ලෙස නම් කරමින්, ඔවුන්ට සම්බාධක පැනැවීමට ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබේ.

ජනාධිපති ට්‍රම්ප්, ‘හවුති’ කැරැලිකරුවන් ත්‍රස්තවාදීන් ලෙස නම් කර ඇත්තේ සෞදියට සහාය දක්වමින් යැයි දෝශපාලන විශ්ලේෂකයෝ පවසති.

‘හවුති’ කැරැලිකරුවන්ට සහාය දක්වන්නේ ඉරානයයි. ට්‍රම්ප් පරිපාලනය සහ ඉරානය අතර ද අර්බුදයක් පවතී. යේමනයේ සෞදි හිතවාදී රජය පෙරළා දමමින් බලය අත්පත් කර ගැනීමට ‘හවුති’ කැරැලිකරුවන් කටයුතු කළේ 2015 දීය.

ඒ වනවිට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ බැරැක් ඔබාමාය. ‘හවුති’ කරැලිකරුවන් යේමන රජයට එරෙහිව සටන් ආරම්භ කළේ 2015 මාර්තු 22 වැනිදාය. අද වනවිට ලොව දරුණුතම මානුෂීය ඛේදවාචකය ලෙස සැලකෙන්නේ යේමනයයි.

(රොයිටර්)


RECOMMEND POSTS