හවුති කැරැලිකරුවන්ට අවසර නෑ



එක්සත් ජාතින්ගේ මැදිහත් වීමෙන්, යේමනයට සාමය ගෙන ඒම සඳහා විශේෂ සාම සාකච්ඡා ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත නමුත් හවුති කැරැලිකරුවන්ට ඊට සහභාගී වීමට අවසර ලැබී නැති බව වාර්තා වේ.

යේමන අර්බුදය පවතින්නේ හවුති ෂියා මුස්ලිම් සටන්කාමීන් සහ සෞදි හිතවාදී යේමන රජය අතරේය. හවුති සටන්කාමීන් යේමන රජය පෙරළා දැමීමට උත්සාහ දරයි. ඔවුහු මේ වනවිටත් යේමනයේ පළාත් රැසක් අත්පත් කරගෙන සිටිති.

ජිනීවා නුවරට යේමන අර්බුදයට සම්බන්ධ පාර්ශ්වවලට ඇරැයුම් කර ඇත. හවුති නසරුල්ලා පෙරමුණ නියෝජනය කරමින් නියෝජිතයන් කණ්ඩායමක් ඊට සහභාගී වීමට සූදානමින් සිටියේය. කෙසේ නමුත් සෞදිය එය වැළැක්වූ බවට චෝදනා එල්ල වී ඇත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS