සෞදි සෙබළාගේ බෙල්ලේ තිබූ බෝම්බ කැබැල්ලක් ඉවත් කරයි



සෞදි වෛද්‍ය කාණ්ඩායමක් සෞදි සෙබළෙකුගේ බෙල්ලේ තිබු බෝම්බ කැබළක් ඉවත් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

ඉතා අසීරු ශල්‍ය කර්මයෙන් පසු කිංග් ෆහද් රෝහලේ වෛද්‍යවරුන්ගේ අධික්ෂණය යටතේ සෙබළා යථාතත්වයට පත්වෙමින් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත.

සෞදි අරාබියේ දකුණු දිග දේශසීමා කළාපයේ ආරක්ෂිත මෙහෙයුම් වල නිරතව සිටින විටදී ප්‍රහාරයකට සෙබළා ලක්වී ඇති බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කලේය.

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක

 


RECOMMEND POSTS