සෞදි රියාල් 610,000 කට විකුණයි



සෞදි අරාබියේ පැවති වෙන්දේසියකදී පුහුණු කළ දඩයම් උකුස්සෙක් සෞදි රියාල් 610,000කට අලෙවි වී ඇති බව වාර්තා වේ.

සෞදි අරාබියේ අරාර් නගරයේ අල්-සුල්තාන් ගොවිපොලේදි වෙන්දේසිය පවත්වා ඇති අතර උකුස්සාව වාර්තා ගත මිලකට අලෙවි කිරීමට සමත් වී ඇත.

ගල්ෆ් රටවල්වලින් මෙතෙක් වාර්තා වු මිල අධිකම කුරුල්ලා වන අතර උස සෙන්ටිමීටර්15.5 ක් සහ බර කිලෝග්‍රෑම් 1.169 කි.

දඩයම් උකුස්සාගේ නව හිමිකරු සෞදි හම්දාන් ෆර්හාන් අල්-සක්‍රි බව නිවේදනය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS