සෞදි රජු රෝහලෙන් යයි



සති තුනකට ආසන්න කාලයක් රෝහල්ගතව පිත්තාශය ඉවත් කිරීමේ සැත්කමට භාජන වූ සෞදියේ සල්මාන් බින් අබ්දුල්ලාසි රජු අද (31) රෝහලෙන් පිටව ගියේය.

84 හැවිරිදි සෞදි රජු රෝහල්ගත කෙරුණේ පිත්තාශය ඉදිමීම නිසාය. රෝහල් කාමරයේ සිටිද්දී පවා, රජු වීඩියෝ තාක්ෂණයෙන් කැබිනට් හමුවකට ද සහභාගී විය.

‘කිංග් ෆයිසාල්’ රෝහලේ ප්‍රතිකාර ලැබූ රජු රෝහලෙන් පිටව ගියේ සිය පුතු මෙන්ම ඔටුන්න හිමි සල්මාන් කුමරුන් ඇතුළු සමීපතමයන් පිරිවරා ගනිමිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS