සෞදි රජුට ඇමතුමක්



ඉරානය සමඟ සන්ධාන ගත වීම මෙන්ම ත්‍රස්තවාදයට, අන්තවාදයට උදව් උපකර සහ මුල්‍යාධාර ලබා දෙන බවට චෝදනා කරමින් සෞදි අරාබිය සහ තවත් ගල්ෆ රටවල් තුනක් කටාර් රාජ්‍යයට එරෙහිව රාජ්‍යතාන්ත්‍රි සම්බන්ධතාවයන් අත්හැරීමට ගත් තීරණය හේතුවෙන් මාසයකට වැඩි කාලයක් තිස්සේ ගල්ෆ් කලාපය තුල යම් නොසන්සුන්කාරි තත්ත්වයක් උදා වන්නට හේතු විය.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාගේ මැදපෙර දිග කලාපයේ සංචාරයෙන් පසු ගල්ෆ් කලාපයේ ඇති වී ඇති තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති, ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි රජුට දුරකථනයෙන් කථා කර ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය විසදාගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත් බව ධවල මන්දිරය ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS