සෞදි රජුට අගෞරව කරලා



සෞදියේ මක්කම නගරයේ ඉස්ලාමීය සහයෝගීතා සමුළුවට සහභාගී වූ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සෞදියේ සල්මාන් බින් අබ්දුල්ලාසි රජුට අගෞරව කළේ යැයි ට්විටර් සමාජ ජාල ඔස්සේ අගමැති ඉම්රාන්ට විවේචන එල්ල වෙමින් පවතී.

සමුළුවට සහභාගී වීමට පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සෞදි රජු හමුවට ගොස්, ඔහු සමඟ සුහඳ කතාබහක යෙදෙයි. අගමැති ඉම්රාන් පවසන දේ රජුට පරිවර්තනය කරදීම සිදු කරනු ලැබුවේ රජු අසල සිටින භාෂා පරිවර්තකයා විසිනි.

අගමැති ඉම්රාන් සුහඳ කතාබහ අවසන් කර එතැනින් යන්නේ, භාෂා පරිවර්තකයා අගමැති ඉම්රාන් පැවැසූ දේ රජුට පරිවර්තනය කර අවසන් කිරීමට පෙරය. මෙය සල්මාන් රජුට කළ අගෞරවයක් යැයි බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

මක්කම නගරයේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS