සෞදි-බහරේන් සහයෝගිතා ගිවිසුමක්



සෞදි අරාබිය සහ බහරේන් රාජ්‍යය අතර ආර්ථික සහයෝගිතා ගිවිසුමක් අත්සන් කර ඇති බව වාර්තා වේ.

ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කරගැනීම සඳහා සාකච්ඡා වට කීපයක් පැවැත් වු බවත්,ඇති කරගත් එකඟතාවන්ට අනුව ගිවිසුම අත්සන් කළ බවත්, ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරගැනීමට හැකි වන බව බහරේන් රේගු අධ්‍යක්ෂ, ෂෙයික් අහමඩ් බින් හමාඩ් අල්-කලීෆා පැවසීය.

දෙරට අතර පවතින ඵෙතිහාසික සබඳතා ශක්තිමත් කිරීම සඳහාත්, දෙපාර්ශ්වය අතර භාණ්ඩ හුවමාරුවසහ ආර්ථික වර්ධනය කරගැනීමේ අරමුණින් ගිවිසුම අත්සන් කළ බව සෞදි රේගු අධ්‍යක්ෂ, අහමඩ් අල් හක්බානි ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS