සෞදි ප්‍රතිපත්ති සාමයට බාධාවක්



සෞදි අරාබියේ දෙස් විදෙස් ප්‍රතිපත්ති මැදපෙරදිග සාමයට බාධාවක් බවටත්, එම ප්‍රතිපත්ති හේතුවෙන් මැදපෙරදිග කටයුතු අවුල් ජාලයක් වී ඇති බවටත් කටාර් විදේශ ඇමැති මොහොමද් බින් අබ්දුල්ලහ්මාන් අල් තානී චෝදනා කරයි.

‘සෞදි අරාබිය අපට චෝදනා කරනවා ත්‍රස්තවාදයට සහ අන්තවාදයට උඩගෙඩි දෙන බවට. ඒත් ඇත්තටම මැදපෙරදිග කලාපයේ අර්බුද ඇති කරන්නේ සෞදියයි. සෞදිය සැමවිටම අනුගමනය කරන්නේ ඒකාධිපති ප්‍රතිපත්තියක්’ යැයි බින් අබ්දුල්ලහ්මාන් අල් තානී වැඩිදුරටත් චෝදනා කර සිටී.

(රොයිටර්)


RECOMMEND POSTS