සෞදි තැපෑල යළි වැඩ අරඹයි



සෞදි අරාබිය පුරා බෙදාහැරීමේ කටයුතු යළි ආරම්භ කරන බව සෞදි තැපැල් සේවය නිවේදනය කරනවා. 

මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ අරමුණින් තමසේවාවන් නිවෙස් වෙත ලබාදීමට සෞදි තැපැල් සේවය කටයුතු කරන බවටඅරාබි පුවත් සේවය වාර්තා කර ඇත.

“ඔබගේ ආරක්ෂාව සඳහා, අපි ඔබට භාර දෙන්නෙමු’’ යන තේමාව යටතේ සේවාවන් ආරම්භ කිරීමට කටයුතු කළ බව සෞදි තැපැල් සේවය පවසනවා.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට සෞදි අරාබියආරක්ෂිත පියවර රැසක් ගෙන ඇති අතර,ඇඳිරි නීතිය පැනවීම, ගුවන්ගමන් අවලංගු කිරීම සහ සේවා ස්ථාන වසා දැමීම ඉන් කීපයක් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS