සෞදි ජාතිකයන් 700 ඉවත් කරගනියි



චීනයේ වුහාන් නගරයෙන් සහ අවට නගරවලින් සෞදි ජාතිකයන් 700ක් ඉවත් කරගෙන ඇති බව වාර්තා වේ.

සෞදි ජාතිකයන් 800කට වැඩි පිරිසක් චීනයේ ජීවත්වන අතර දැනට 90% ප්‍රතිශතයක් චීනය හැරගොස් ඇති බව බීජිංහි සෞදි තානාපති, තුර්කි අල්- මාදි පැවසීය.

ඉවත් කරගත් පිරිසට සෞදි සිසුන් 482ක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අයත් වේ.

හැකි ඉක්මණින් සෞදිතානාපති කාර්යාලය හෝ වෙනත් සෞදි කොන්සල් කාර්යාලයක් සමඟ සම්බන්ධ වන ලෙස චීනයේ රැදීසිටින සෞදි ජාතිකයන්ට දැණුම් දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS