සෞදි ජාතිකයන් ලෙබනනයෙන් පිටවෙයි



සෞදි ජාතිකයන් සිය ගණනින් ලෙබනන් රාජ්‍යයෙන් පිට වන බව සෞදි තානාපති කාර්යාලය නිවේදනය කළේ ය.

ලෙබනන් අගනුවරසහ අවට ප්‍රදේශවල වර්ධනය වෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සෞදි ජාතිකයන්ගේ ආරක්ෂාව සැළකිල්ලට ගනිමින් ඔවුන්ව ලෙබනන් රාජ්‍යයෙන් ඉවත් කිරීමට සෞදි තානාපති කාර්යාලය කටයුතු කර ඇත.

සෞදි ජාතිකයන් අටසිය හැත්තෑවක් (870) මේ දක්වා ලෙබනන් රාජ්‍යයෙන් පිට වී ඇති බව ලෙබනනයේ සෞදි තානාපති, වලිඩ් බින් අබ්දුල්ලා බුක්හරි පැවසීය.

සෞදි ගුවන්සේවයේ සහ මැදපෙරදිග ගුවන් සමාගම්වල ගුවන් යානා හරහා සෞදි ජාතිකයන්ව සෞදි අරාබියට යැවීමට කටයුතු කළ බව තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, බේරූට් නුවර)

RECOMMEND POSTS