සෞදි චන්ද්‍රිකා දෙකක් උඩට



සෞදි අරාබියට අයත් චන්ද්‍රිකා දෙකක් චීනයේ ගෝබි කාන්තාරයේ ජුකුවාන් චන්ද්‍රිකා මධ්‍යස්ථානයෙන් අභ්‍යාවකාශ ගත කර ඇති බව වාර්තා වේ.

චන්ද්‍රිකා දෙක සෞදි-සැට් 5ඒ සහ සෞදි-සැට් 5බී ලෙස නම් කර ඇති අතර විද්‍යාව සහ තාක්ෂණය සඳහා වන අබ්දුල්ලා රජු නගර තුල චන්ද්‍රිකා නිර්මාණය කර ඇත.

මීට පෙර, සෞදි-සැට්2 (2004), සෞදි-සැට්3 (2007) නමින් චන්ද්‍රිකා දෙකක් නගරය තුල නිර්මාණය කර ඇත.

2030 දැක්ම අනුව චන්ද්‍රිකා නිර්මාණය කර ඇති අතර සෞදි තරුණයන් චන්ද්‍රිකාතාක්ෂණයෙන් සන්නද්ධ කිරීම, ක්‍රමෝපායික තාක්ෂණික දැණුම හුවමාරුකරගැනීම, දියුණු තාක්ෂණික ක්‍රම මඟින් චන්ද්‍රිකා නිර්මාණය සහ සංවර්ධනය කිරීම ප්‍රධාන අරමුණු අතර වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS