සෞදි කුමරු 11 අත්අඩංගුවේ



සෞදියේ සල්මාන් රජු සහ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ට විරෝධය දක්වමින් විරෝධතාවක නියැලුණු එරට කුමාරවරුන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි.

විරෝධතාව පවත්වා ඇත්තේ රියාද්හි රජ මාලිගාවේදී යැයි ද පැවැසෙයි. සෞදියේ මේ අයුරින් රජුට එරෙහිව විරෝධතා සිදුවන්නේ නම් ඒ ඉතාමත් කලාතුරකිනි.

මෙම කුමාරවරුන් මෙසේ විරෝධතාවක නියැලී ඇත්තේ ඔවුන්ට රජයෙන් ලබා දුන් මුදල් කප්පාදු කිරීමක් සිදුවී ඇති බැවින් යැයි ද වාර්තා වේ.

ඊට අමතරව සෞදිය නව බදු ක්‍රමයක් ද ක්‍රියාත්මනක කර තිබේ. එය ද රජකීයයන් බොහෝ දෙනකුගේ අප්‍රසාදයට හේතුවක් වී ඇත.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS