සෞදි කුමරු බයිඩන්ට සුබ පතලා



සෞදියේ සල්මාන් රජු මෙන්ම, ඔටුන්න හිමි සල්මාන් කුමරුත්, ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත් වුණු ජෝ බයිඩන්ට සුබ පතා ඇතැයි වාර්තා වේ.

ජෝ බයිඩන්, ජනපති සටනට එක්වෙමින් පවසා තිබෙන්නේ, ට්‍රම්ප් මෙන් නොව, සෞදිය සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට තමන් පසුබට නොවන බවය. යේමන අර්බුදයේ දී සෞදිය ඊට මැදිහත් වී, සිවිල් වැසියන් ඝාතනය සම්බන්ධයෙන් සෞදියට ආයුධ විකිණීම නැවැත්වීමට පියවර ගන්නා බව බයිඩන් පවසා තිබේ.

ඊට අමතරව මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතන සිදුවීම සම්බන්ධයෙන්, චෝදනා ලැබ සිටින සල්මාන් කුමරුන්ට සම්බාධක පැනැවීමට තමන් පසුබට නොවන බව ද බයිඩන් අවධාරණය කර තිබේ. ට්‍රම්ප්, සෞදිය සම්බන්ධයෙන් හෝ සල්මාන් කුමරු සම්බන්ධයෙන් හෝ කිසිදු පියවරක් ගත්තේ නැත. ට්‍රම්ප් තරයේ කියා සිටියේ සෞදිය අමනාප කර ගැනීම ඇමෙරිකාවට අවාසියක් බවය.

රියාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS