සෞදි කුමරු අගමැති හමුවෙයි



සෞදි ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය, මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ් ඉන්දීයානු අගමැති, නරේන්ද්‍ර මූඩි රියාද් නුවරදී හමු වී ඇත.

සෞදි අරාබිය සහ ඉන්දියාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් පිළිබඳව සමාලෝචනයක යෙදී ඇති අතර කලාපීය හා ජාත්‍යන්තර සංවර්ධනයන් පිළිබඳව සාකච්ඡා කර ඇත.

සාකච්ඡාව අවසානයේ, සෞදි-ඉන්දියානු උපායමාර්ගික හවුල්කාරිත්ව කවුන්සිලය පිහිටුවීමේ ගිවිසුමට ඔටුන්න හිමි කුමරු සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අත්සන් කර ඇත.

ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට දෙරටේ නිලධාරීන් පිරිසක්ද සහභාගි වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS