සෞදි කුමරුන්ගේ පෞද්ගලික බඩුමුට්ටු පාකිස්තානයට



සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු පාකිස්තානයේ සංචාරයකට පැමිණීමට නියමිත බවත්, ඊට පෙර කුමරුන්ගේ පරිහරණයට අවශ්‍ය ඔහුගේ පෞද්ගලික බඩුමුට්ටු ඉස්තාන්බුල් අගනුවරට ළඟා වූ බවත් විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

දශක ගණනාවක් තිස්සේ පවතින මිතුදම් ශක්තිමත් කර ගනිමින්, සෞදිය සහ පාකිස්තානය අතර ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් වටිනා ගිවිසුම් රැසකට අත්සන් කිරීමට නියමිතය. එපමණක් නොව, ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්තානයට මුදල් ආධාර ලබා දීමට ද සෞදිය සිය කැමැත්ත පළ කර තිබේ. ඒ, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.

සෞදියේ සල්මාන් කුමරුන් දෙදින නිල සංචාරයකට පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට පැමිණෙනු ඇත්තේ එම නව ගිවිසුම්වලට අත්සන් තැබීමටය. ඊයේ දිනයේ ට්‍රක් රථ පහකින් රැගෙන ආ කුමරුන්ගේ පෞද්ගලික බඩු මුට්ටු අතර ඔහුගේ ව්‍යායාම උපකරණ, ගෘහභාණ්ඩ ආදිය ද ඇතුළත් වූ බව පැවැසෙයි. ආරක්ෂක හේතූන් මත කුමරුන් පාකිස්තානයට පැමිණෙන දිනය තවමත් මධ්‍යවෙත අනාවරණය කර නැති බව ද වාර්තා වේ.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS