සෞදි කුමරුගෙන් තර්ජනයක්



තම ප්‍රතිවාදියා වන ඉරානය මට්ටු කිරීමට වෙනස් ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරනවා යැයි සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු එරට සමාජ ජාල ඔස්සේ කළ ප්‍රකාශයක් හේතුවෙන් ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ.

සෞදියේ සල්මාන් රජු පවසා ඇත්තේ ‘අභ්‍යන්තර වශයෙන්’ ඉරානයට අභියෝගයක් කරන බවය. ඉරානයේ පසුගිය දා විරෝධතා පැවැතිණි. ඒ, එරට විපක්ෂ ක්‍රියාකාරීන් බඩු මිල සහ ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙන් වීදි වැසීමත් සමඟය.

එම විරෝධතා පසුපස සල්මාන් කුමරු සිටිනවා විය හැකි යැයි දේශපාලන විශ්ලේෂකයෝ අනුමාන කරති.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS