සෞදි ක්‍රියාකාරිනිය අධිකරණය හමුවට



කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සෞදි මානව ක්‍රියාකාරිණියක වන ලව්ජයින් අල් හතුලෝල් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව සෞදිය පවසා ඇත.

සෞදි කාන්තාවන්ට රිය පදවන්න ඇති අයිතිය සම්බන්ධයෙන් හඬ නැගූ මානව ක්‍රියාකාරිනිය වන්නේ ලව්ජයින් අල් හතුලෝල් ය.

ලව්ජයින් අල් හතුලෝල් රියාද් නුවර අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු බවත්, එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඇයට තීන්දුවක් ලැබෙනු ඇති බවත් සෞදි පුවත් සේවා පෙන්වා දෙයි.

ලව්ජයින් අල් හතුලෝල් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගල්ෆ් කලාපීය මානව හිමිකම් සුරැකීසේ සංවිධානය සෞදි රජයට දිගින් දිගටම විරෝධය පළ කර තිබේ.

අද වනවිට සෞදි කතුන්ට රිය පැදවීමට අවසර හිමිවී ඇත. ඒ, සෞදි ඔටුන්න හිමි සල්මාන් කුමරුන් නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දී ඒවා ක්‍රියාත්මක කිරීමට පටන්ගෙන ඇති නිසාය.

(අල් ජසීරා)


RECOMMEND POSTS