සෞදි කතුන් බලශක්ති ක්ෂේත්‍රයට



සෞදි කාන්තාවන්ට බලශක්ති ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාදීමට සෞදි රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

කාන්තාවන්ට රැකියා ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව බලශක්ති අමාත්‍යාංශයේ ආයතනික කටයුතු පිළිබඳ උපදේශක සහ සෞදි ඛනිජ තෙල් සේවා භාරකාර මණ්ඩලයේ සභාපති අබ්දුල් රහ්මාන් අබ්දුල් කරීම් ප්‍රකාශ කළේ ය.

කාන්තාවන්ට ගැලපෙන රැකියා නිවැරදිව හඳුනාගැනීම සඳහා භාරකාර මණ්ඩලය කටයුතු කරමින් සිටින බවත්, රැකියා ලබාදීම පිළිබඳව අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS