සෞදි ඉරාන අර්බුද විසඳන්න මැදිහත් වුණා



පස මිතුරු රාජ්‍යයන් වන සෞදි අරාබිය සහ ඉරානයත් අතර හටගත් අර්බුද යුද ගැටුමක් දක්වා දිග් ගැස්සීමට ඉඩ නොදී සාමකාමීව විසඳා ගැනීමට පාකිස්තානය මැදිහත් වී කටයුතු කළේ යැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, අල් ජසීරා පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. සුන්නි මුස්ලිම් සෞදිය සහ ෂියා මුස්ලිම් ඉරානය අතර යුද්ධයක් නිර්මාණය වුවහොත් එය මැදපෙරදිග කලාපය පමණක් නොව, මුළු ලෝකයම අස්ථාවර කිරීමට සමත් වනු ඇති බව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැහැදිලි කළේය.

‘සෞදිය සහ ඉරානය අතර යහපත් සබඳතා ඇති කිරීමේ අරමුණින් තමයි පාකිස්තානය මැදහත්කරුවකු වී සිටින්නේ. අපගේ එම උත්සාහය අත්හැර දමලා නැහැ. විටින් විට දෙරටේ නියෝජිතයන් අතරේ සාකච්ඡා පැවැත්වෙනවා. දෙරට අතර යුදමය තත්ත්වයක් ඇතිවීමට පාකිස්තානය කිසිවිටෙක ඉඩක් ලබා දෙන්නේ නැහැ.’ යැයි අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, අල් ජසීරා නාළිකාවට අවධාරණය කළේය.

ඉස්ලාමාබාද්හිදීය (අල් ජසීරා)


RECOMMEND POSTS