සෞදි අරාබියේ සංක්‍රමික නීති වෙනසක්



සෞදි අරාබියේ මානව සම්පත් අමාත්‍යාංශය මගින් පසුගියදා නීති ගත කරන ලද කම්කරු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ සෞදි අරාබියේ වෙසෙන සියලු වීදෙස්  ශ්‍රමිකයන් හට ලබන වසරේ මාර්තු මස 21 වෙනි දින සිට තම හාම්පුතා එසේත් නැතිනම් භාරකාරස්ත්වයෙන් තොරව රැකියාවේ යෙදීමට අවසර ලැබෙන බව සෞදි මාධ්‍ය පවසයි.මේ මගින්  මෙතෙක් පැවති දැඩි නීති ලිහිල් කිරීම හේතුවෙන් මිලියන දහයක් පමන වන සංක්‍රමික ශ්‍රමිකයින් හට විශාල සහනයක් අත්වෙන බවද කියවෙයි.

කෙසේ වුවද මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසා සිටිනුයේ සංක්‍රමික ශ්‍රමිකයින් වෙත දැඩි පිඩා කාරී තත්වයන් සහ ශ්‍රමිකයා හාම්පුතා වෙත බැදී සිටීමේ ඒකාධිකාරිත්වය අවම කිරීමට නම් කපාලා (sponsor )ක්‍රමය සම්පුර්ණයෙන් ඉවත් කල යුතු බවයි.

එවැනි වාතාවරණයක් තුල  පසුගිය සතියේ ප්‍රකාශිත නව කම්කරු ප්‍රතිසංස්කරණය මගින් රැකියා පිලිබදව ස්වයන් තීන්දු තීරණ ගැනීමට හාම්පුතාගේ අවසරය අවශ්‍ය නොවනු ඇති බවද සදහන් වන අතර රැකියාවේ නිරතවීම ,ඉවත්වීම හෝ නිවාඩු යාම සහ විදෙස් ගතවිමද ශ්‍රමිකයා හට තම කැමැත්ත මත සිදුකල හැකිය.ඒ අතර මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මගින් විදේශික ශ්‍රමිකයා වෙත ඩිජිටල් තාක්ෂනය උපයෝගී කරමින් රාජ්‍ය අංශයේ රැකියා ලබා ගැනීම සදහා හාම්පුතුන් (නව) සමග ගිවිසුම් ප්‍රකාරව කටයුතු කිරීමටද අවස්තාව ලැබෙනු ඇත.

ඉහත කි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිලිබදව මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කල මානව සම්පත් නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා බින් නසීර් අබුතුනෙන් මහතා සදහන් කලේ සෞදි ශ්‍රම වෙළදපොල ආකර්ෂණය කර ගැනීම සහ වැඩ කිරීමේ පරිසරය වඩාත් හිතකර තත්වයට පත් කිරීමත් දැනට ඛනිජ තෙල් මත යැපෙන රටේ ආර්ථිකය විවිද පියවර ඔස්සේ 2030 වසර වනවිට අපේක්ෂිත ඉලක්කය දිනා ගැනීමට මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිටුවහලක් වනු ඇති බවයි.

මේ පිලිබදව අදහස් දක්වන මානව හිමිකම් නිරීක්ෂණ සංවිදානයේ රෝත්නා බෙගම් සදහන් කරනුයේ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සුවිශේෂී එකක් බවත් එම සැලැස්ම මගින් විදේශික ශ්‍රමිකයින්ගේ තත්වය යහපත් අතට හැරීමට ඉඩකඩ ලැබෙන බවත්ය.කෙසේ නමුත් ඔහු සදහන් කරනුයේ මෙම ක්‍රියාවලිය මගින් “කපාලා” ක්‍රමය සම්පුර්ණයෙන් අහෝසි කර නැති බවත්ය.වැඩි දුරටත් කරුණු පැහැදිලි කරන බෙගම් මහතා පෙන්වා දෙන්නේ විදෙස් ශ්‍රමිකයින් හට සෞදි අරාබියට පැමිණීමේදී රැකියා සපයන ඒජන්ත වරයකුගේ අනුග්‍රාහකත්වය ඉදිරියේදීත් අවශ්‍ය කරන ආකාරයක් පෙනී යන බවත් ශ්‍රමිකයින්ගේ විසා බලපත් යලි දීර්ග කිරීම හෝ අවලංගු කිරීම අනුග්‍රාහකයා මත රදා පවතින බවත්ය.එම හේතු මත තව දුරටත් ශ්‍රමිකයින් විවිද හිරිහැර මෙන්ම සුරා කෑමට ලක්වීම සහ බලපෑම් වලට ලක්වීම නොවැලැක්විය හැකි බවත් ඔහු පවසයි.

මේ අතර මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුල වැඩිම අනතුරුදායි රැකියාවල නියුතු වන ගෘහ සේවිකාවන් පිලිබදව කිසිදු සදහනක් නොතිබීම විශාල අඩුවක් බවත් සදහන් කරන මානව හිමිකම් සංවිදානයේ රෝත්න බෙගම් පැවසුවේ කිසිදු ලියවිල්ලක් හෝ නිත්‍යානුකුල බවකින් තොර විවිද ස්ථාන වල රැකියාවන් කරන ශ්‍රමිකයන් හට නිත්‍යානුකුලව හෝ වෙනත් ස්ථානයක රැකියාවන් කිරීමට අවසර ලබා දෙන්නේද යස්න්න පිලිබදව කිසිදු සදහනක් මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුල නැති බවත් බලධාරීන් ඒ පිලිබදව කිසිවක් නොපවසන බවත්ය.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබියේ සිට ලියයි.

RECOMMEND POSTS