සෞදි අනතුරින් විදේශිකයෝ 35 ක් මරුට



සෞදියේ මදීනා නුවර බස් රියක් සහ ට්‍රක් රියක් ගැටී සිදුවුණු මාරක අනතුරකින් විදේශිකයෝ තිස් පස් දෙනෙක් ජීවීතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 4 කි.

මියගියේත් තුවාල ලැබුවේත් සෞදියට පැමිණි වන්දනාකරුවන් පිරිසකි. ඔවුන් ගමන් කරමින් සිටියේ කුලියට ගන්නා ලද පෞද්ගලික බස් රියකිනි.

පිරිස අතර අරාබි සහ ආසියානු රටවල වැසියන් සිටින බව පැවැසෙයි. තුවාල ලැබූවන් අල් හම්නා රෝහලට ඇතුළත් කෙරුණි. අනතුර සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇතැයි ද සෞදි පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර තිබේ.

2018 වසරේ ද මේ අයුරින් විදෙස් වන්දනාකරුවන් පිරිසක් ගමන් කළ බසයක් අනතුරට පත්විය. ඒ, එම පිරිස ගමන් ගත් බස් රිය ඉන්ටන බවුසරයක ගැටීමෙනි. එම අනතුරින් බ්‍රිතාන්‍යයෙන් පැමිණි වන්දනාකරුවෝ සිවු දෙනෙක් ජීවීතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 12 කි.

රියාද්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS