සෞදිය සතියක් ජාත්‍යන්තර ගුවන් ගමන් නවතයි



කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තවිම හේතුවෙන් මැදපෙරදිග කලාපයේ රටවල් කිහිපයක් ජාත්‍යන්තර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවා ඇතිබව මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍යයෙන් හදුනාගත් මෙම නව ප්‍රභේදයක් සහිත කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය කොවිඩ් 19 මෙන් 70 ගුනයකින් ඉහල ධාරිතාවයක් ඇති බව සනාතවී ඇති බැවින් බ්‍රිතාන්‍ය රජය නත්තල් කාලසීමාව තුල දැඩි සිමා පනවමින් සිටින බවද වාර්තාවේ.

විශේෂයෙන්ම මෙම හේතු මත යුරෝපා රටවල අවධානම සෞදි අරාබිය වෙත පැමිණීම අවම කිරීම සදහා මෙම 20 දින සිට සතියක කාලයක් සෞදි අරාබියේ සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට සෞදි බලධාරීන් තීරණය කර ඇති බව සෞදි මාධ්‍ය වාර්තා කරයි.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබියේ සිට

RECOMMEND POSTS