සෞදිය මඟීන් 4,610ක් පරීක්ෂා කරලා



චීනයේ සිට සෞදි අරාබියට පැමිණි ගුවන් මඟීන් හාරදහස් හයසිය දහදෙනෙක් පරීක්ෂා කර ඇති බව වාර්තා වේ.

චීනයේ සිට ඍජු ගුවන් ගමන් මඟින් සෞදි අරාබියට පැමිණි 3,195 දෙනෙක් පරීක්ෂාවට ලක් කළ බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

චීනයේ සිට තවත් ගුවන් මඟීන් 1,415 දෙනෙක් සෞදි අරාබියට පැමිණ ඇති අතර එම පිරිසද පරීක්ෂාවට ලක් කර ඇත.

චීනයට ගොස් ආපසුපැමිණි ඉන්දීය සහෝදරියන් දෙදෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳී නොමැති බව තහවුරු වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS