සෞදිය දුම්බීම තහනම් කරයි



සෞදි අරාබිය රාජකාරී ස්ථානවල දුම්පානය කිරීම තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

රාජකාරි ස්ථානවල දුම්පානය තහනම් කිරීමට අදාල නියෝගය කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍ය, අහමඩ් අල්-රජිහි රජයේ ආයතන සහ සමාගම්වලට නිකුත් කර ඇත.

සේවකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව සහ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම සඳහා අදාල නියෝගය නිකුත් කිරීමට පියවර ගත් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS