සෞදිය ඉරාන නැවට පිහිට වෙයි



සෞදි අරාබිය රතු මුහුදේ යාත්‍රා කරමින් තිබු ඉරානයට අයත් තෙල් නැවකට උපකාර කර ඇති බව වාර්තා වේ.

ඉරාන තෙල් නැවේ ඉන්ජිමේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් නැව පාලනය කරගැනීමට නොහැකි වී ඇති අතර නැව යථාතත්ත්වයට පත් කරගැනීම සඳහා සහයෝගය ලබාදෙන ලෙස ඉරානය සෞදි අරාබියෙන් ඉල්ලීමක් කර ඇත.

එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත මණ්ඩලය හරහාද නිල ඉල්ලීමක් සෞදි අරාබියට ලැබී ඇති අතර ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ඉරාන නැව යථාතත්ත්වට පත් කරගැනීම සඳහා සහයෝගය ලබාදීමටකටයුතු කර ඇත.

නෞකා කාර්ය මණ්ඩලය අවශ්‍ය ආරක්ෂාව සැපයීමට කටයුතු කළ බවත් නෞකාවෙන් මුහුදට තෙල් කාන්දු වී ඇති බවට නිවරදිව ප්‍රකාශ කළ නොහැකි බව සෞදි වෙරළාරක්ෂක අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS