සෞදිය ආර්ථික ක්‍රියාමාර්ග පුළුල් කරයි



කොරෝනා වසංගතය හේතුවෙන් සිදු වී ඇති ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා සෞදි අරාබිය ආර්ථික ක්‍රියාමාර්ග පුළුල් කරන බව වාර්තා වේ.

පුද්ගලික අංශයට සහ ආයෝජකයින්ට සිදු වී ඇති බලපෑම අවම කිරීම සඳහා අතිරේක කාල පරිච්ඡේදයක් ලබාදීමට සෞදි රජය තීරණය කර ඇත.

අදාල සහන ලබාදීමට සෞදි රජු, සල්මාන් බින් අබ්දුලාසිස් නියෝග කර ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)  

RECOMMEND POSTS