සෞදියේ සල්මාන් රජු ඉරානයට දෙහි කපයි



ඇමෙරිකාවේ, නිව්යෝක් නුවර, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වෙන, ජගත් මහ සමුළුවට වීඩියෝ පණිවුඩ හුවමාරු ඔස්සේ සම්බන්ධ වෙමින්, සෞදියේ සල්මාන් බින් අබ්දුල්ලාසි රජු ඉරානයට දොස් නැගුවේය.

සෞදි රජු එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට එක්වෙමින් මෙසේ අදහස් දැක්වීමක් කළේ වසර ගණනාවකට පසුව යැයි ද පැවැසෙයි. ඉරානය ඔවුන්ගේ ‘සාමකාමී’ යැයි පවසන න්‍යෂ්ටික වැඩසටහන හරහා විනාශකාරී අවි නිපදවන බවටත්, කලාපීය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන බවටත් සෞදි රජු චෝදනා කළේය.

සෞදි රජු එල්ල කරන චෝදනා සියල්ල ඉරානය ප්‍රතික්ෂේප කර තිබේ. එක්සත් ජාතීන්ගේ ඉරාන විශේෂ නියෝජිත අලිරේසා මිරියෝසෙෆි පවසා ඇත්තේ සෞදිය එල්ල කරන චෝදනා පදනම් විරහිත බවය.

නිව්යෝක්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS