සෞදියේ දෙදෙනෙක්ට වෛරසය



සෞදි අරාබියේ පුද්ගලයන් දෙදෙනෙක්ට මාර්ස් කොරෝනා වෛරසය ( MERS-CoV ) ආසාදනය වී ඇති බව වාර්තා වේ.

පනස් තුන් හැවිරිදි (53) සහ හතළිස් හත් හැවිරිදි (47) සෞදි ජාතිකයන් දෙදෙනෙක්ට වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණවලින් හඳුනා ගෙන තිබේ.

ඔටුවන්ගෙන් වෛරසය අසාදනය වී ඇති බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

මැද පෙරදිග ශ්වසන සින්ඩ්‍රෝම් කොරෝනා වයිරසය (MERS-CoV) සෞදි අරාබියේ තිබෙන බවට පළමු වරට 2012 වර්ෂයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනා ගෙන තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS