සෞදියේ ත්‍රස්තවාදීන් සොයා වැටලීම් !



විවිධ රටවල සිට සෞදි අරාබියට පැමිණ ත්‍රස්තවාදී කටයුතු වල නිරත වීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ලගලයින් 5094 දෙනෙකු  එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇත.

එරට ජාතික ආරක්ෂාව පිළිබද සැලකිලිමත් වෙමින් ඉකුත් වසරේදී සිදු කළ වැටලීම් වලින් පසුව මෙම පිරිස අත්අඩංගුවට ගත් බව සෞදි පොලීසිය කියා සිටී.

ත්‍රස්ත ක්‍රියාවල නිරතවීම හා ඊට ආධාර අනුබල දීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූවන් ගෙන 4254 දෙනෙකුම සෞදි ජාතිකයින් වීම විශේෂත්වයකි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතරින් වැඩදෙනෙකු සිරියාවෙන් හා යේමනයෙන් පැමිණ පුද්ගලයින් වන අතර මොවුන්ට අමතරව අත්අඩංගුවට අනෙක් පිරිස අතර ඉන්දියාවෙන් ,තුර්කියෙන් ,බහරේනයෙන් , සුඩානය , පකිස්ථානය ඇතුළු  විදෙස් රටවල් 37 කින් පැමිණි අය වෙති.

එවැනි ත්‍රස්ත ක්‍රියාවල නිරත පුද්ගලයින් සොයා තවදුරටත් වැටලීම් කිරීම සෞදි පොලීසිය තීන්දු කරයි..

 

( තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.....


RECOMMEND POSTS