සෞදියේ කොවිඩ් පනස් හත්දහස පනී



සෞදි අරාබියේ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස් ආසාදීතන් මේ වන විට පනස් හත් දහස ඉක්මවා ගොස් ඇති බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් අල් අරාබියා පුවත් පත වාර්තා කරයි.

සෞදි අරාබියේ දිනෙන් දින වර්ධනය වන කොවිඩ් 19+ ආසාදිත සංඛ්‍යාව මේ වන විට 57.000 ඉක්මවා ගොස් ඇති බව සෞදි මාධ්‍ය වාර්තා කරයි.කෙසේ වුවද මේවන විට  සුවය ලබා ඇති ආසාදිතයින්ගේ සංඛ්‍යාව 28,000 ඉක්මවා ඇති අතර මිය යන්නන්ගේ ගණන 320 දක්වා ඉහල ගොස් ඇති බවද සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වන මාධ්‍ය වාර්තා කරයි.

සෞදි මාධ්‍ය වාර්තා කරන අන්දමට දිනපතා වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගනන 1500 සිට 3000 දක්වා වුවද සුවය ලබන ආසාදිතයින්ගේ සංඛ්යාව සියයට 40% සිට 50% දක්වා ප්‍රතිශතයක් ගන්නා අතර මිය යන්නන්ගේ ගණන 0.56% ක් වැනි අඩු ප්‍රතිශතයක් ගන්නා බවද  ගෝලිය ප්‍රතිශතයක් ලෙස සෞදිඅරාබියේ මිය යන සංඛ්‍යාව 0.7% වන බවද වාර්තා වේ  වන විටත් සෞදි අරාබි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලක්ෂ හයකට අධික ප්‍රමාණයක් කොරෝනා පරීක්ෂණ සදහා යොමු කර ඇති බවද සදහන්ය.

කෙසේ වුවද සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය සියලු පුරවැසියන් වෙත අවවාද කරනුයේ හර්ද රෝග,අධි රුදිර පීඩනය,හෝ නිදන් ගත රෝග සහිත පුත්ගලයින් විශේෂයෙන්ම මෙම කාල සීමාව තුල නිවසේම රැදී සිටිය යුතු බවත් මානසික ආතතියෙන් වැලකි සිටිම යෝග්‍ය බවත් ආරක්ෂිතව නිවෙස් තුලම කල් ගෙවන ලෙසත් ඉල්ලා සිටි.විශේෂයෙන්ම කොවිඩ් 19 ආසාදිතයින් හෝ මරණයට පත්වන පුත්ගලයින්ගෙන් 60% ප්‍රමාණයක් විදෙස් පුරවැසියන් බවත් මාධ්‍ය වාර්තා කරයි.

පසු ගිය සති කිහිපය තුල සෞදි අරාබියේ යම් ප්‍රවනතාවයක අවධානම් තත්වයක තිබුනද මේ වන විට කෙමෙන් කොවිඩ් 19 පිලිබදව තුබූ අවධානම අඩු වෙමින් පවතින බවත් පෙන්නුම් කරන අතර ප්‍රධාන නගර සහ අනිකුත් ප්‍රදේශ වල ජන ජිවිතය සාමාන්‍ය පරිදි සිදුවෙමින් පවතින බවක්ද වෙළද සහ ව්‍යාපාර කටයුතු සාමාන්‍ය පරිදී සිදු වෙමින් පවතින බවක් දැක ගන්නට ලැබිණ..

සෞදි අරාබියේ ඉදිරි සතිය තුල රාමසාන් මාසය අවසන් වීමත් සමග උදාවන ඊද් (සැමරුම් සතිය) එනම් මැයි මස 23 සිට 27 දක්වා කාලය තුල පැය 24 පුරාම ඇදිරි නිතිය ක්‍රියාත්මක වන බව සෞදි රජය ප්‍රකාශයට පත් කර ඇත්තේ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීම අවම කිරීමේ අරමුණෙනි.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබිය.

RECOMMEND POSTS