සෞදියේ ආසාදිතයන් ලක්ෂයට ආසන්නයි



සෞදි අරාබියේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂයේ සීමාවට ආසන්න වී ඇති බව වාර්තා වේ.

මේවනවිට ආසාදිතයන්ගේ සංඛ්‍යාව 93,157 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

2020 ජුනි 03දා කොරෝනා රෝගීන් 2,171 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙතෙක් පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 68,956ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට පත් වී ඇති සංඛ්‍යාව 611ක් වේ.

සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය කොරෝනා පරීක්ෂණ 870,963ක් සිදු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ඩි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS