සෞදියෙන් ලක්ෂ 2 කට වඩා ගිහින්



සෞදි අරාබියේ සේවය කළ විදේශ ශ්‍රමිකයන් 257,170ක් 2020 වර්ෂයේ තුන්වන කාර්තුව තුළදී සිය රටවල් බලා ගොස් ඇති බව වාර්තා වේ.

2020 දෙවන කාර්තුව අවසන් වනවිට සමස්ථ විදේශ ශ්‍රමිකයන් සංඛ්‍යාව මිලියන 10.46 සිට මිලියන 10.20 දක්වා අඩු වී ඇති බව සෞදි සංඛ්‍යාලේඛන පිළිබඳ පොදු අධිකාරිය නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට සඳහන් කර ඇත.

සෞදි ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 2020 තුන්වන කාර්තුවේදි ඉහළ ගොස් ඇති අතර, සමස්ථ සෞදි ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව මිලියන 3.25 දක්වා ඉහළ ගොස් ඇත.  

2020 තුන්වන කාර්තුවේදි, රැකියා වීසා බලපත්‍ර  23,000ක් ලබා දී  ඇති අතර, 2020 වර්ෂය තුළ ලබාදුන් සමස්ථ රැකියා වීසා බලපත්‍ර සංඛ්‍යාව 72,400ක් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS