සෞදියෙන් රෝගීන් 70 හමුවෙයි



සෞදි අරාබිය කොරෝනා (කොවිඩ් -19) රෝගීන් 70 ක් අලුතින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

සමස්ථ ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 344 දක්වා ඉහළ ගොස් ඇති බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

හඳුනා ගත් කොරෝනා (කොවිඩ් -19) රෝගීන් අතර, මොරොක්කෝව, ඉන්දියාව, ජෝර්දානය, බ්‍රිතාන්‍යය, පිලිපීනය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ස්විට්සර්ලන්තය යන රටවලින් සෞදි අරාබියට පැමිණි පුද්ගලයින් ද සිටින බව අමාත්‍යාංශය පවසයි.

වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමෙන් පසු, නිරෝධායනය කිරීමට කටයුතු කර ඇති බවට සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත.

ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බවත්, රෝගීන් 344 දෙනාගෙන් රෝගීන් 8 දෙනෙක් මේවනවිට සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS