සෞදියට සාමාජිකත්වය නෑ



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකයකු වීමට සෞදි අරාබිය ගත් උත්සාහය අසාර්ථක වී ඇත.

ලබන ජනවාරි පළමු වැනිදා සිට වසර 3 ක කාලයක් සදහා, එක්සත් ජාතීන්ගේ 47 වැනි මානව හිමිකම් මණ්ඩලයේ නව සාමාජිකයන් තෝරා ගැනීම සම්බන්ධයෙන් ඡන්ද විමසුම පැවැත්වුණු අතර සෞදිය ද ඒ සදහා ඉල්ලුම් කර තිබුණි.

ඡන්ද විමසුම පැවැත්වූයේ, සෞදිය දිගින් දිගටම මානව හිමිකම් උල්ලංගනය කරනවා යැයි ලොව ප්‍රධාන පෙළේ මානව හිමිකම් සුරැකීමේ සංවිධාන සහ ක්‍රියාකාරීන් චෝදනා විරෝධය පළ කරද්දීය.

සෞදියට සාමාජිකත්වය හිමසි නොවුණත්, රුසියාව, කියුබාව සහ චීනයට සාමාජිකත්වය හිමිවිය. රුසියාව සහ චීනය සම්බන්ධයෙන් ද ලොව ප්‍රධාන පෙළේ මානව හිමිකම් සුරැකීමේ සංවිධාන සහ ක්‍රියාකාරීන් විරෝධය පළ කර තිබුණි. ඒ, රුසියාවේ සහ චීනයේ මානව හිමිකම් උල්ලංගනය වන බවටය.

ඊට අමතරව නව සාමාජිකයන් ලෙස තෝරා ගැනීම සිදුවූ රටවල් වන්නේ පාකිස්තානය, උස්බෙකිස්තානය, නේපාලයයි. පාකිස්තානයට හිමිවුණු ඡන්ද ගණන 169 කි. උස්බෙකිස්තානය සහ නේපාලයට ඡන්ද 164 ක් සහ 150 ක් බැගින් හිමිවිය. චීනයට ලැබුණු ඡන්ද ප්‍රමාඛය 139 කි. සෞදි අරාබියට හිමිකර ගැනීමට හැකිවූයේ ඡන්ද 90 ක් පමණි.

දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, 2018 දී සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජීගේ ඝාතන සිදුවීම මුල්කොට ගනිමින්, සෞදි අරාබිය සහ සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුන් ද අපකීර්තියට පත් වී සිටින බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකත්වය අහිමිවීමට ප්‍රධාන හේතුවක් වූයේ කශොග්ජී ඝාතන සිදුවීම යැයි දේශපාලන විශ්ලේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති. කශොග්ජී ඝාතනය සිදුවුණැයි පැවැසෙන්නේ, සල්මාන් කුමරුන්ගේ අනුදැනුම යටතේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS