සෞදියට පහරදුන් බව හවුති ගරිල්ලා කණ්ඩායම් කියයි



සෞදි අරාබියාවේ ස්ථාන කිහිපයකට රොකට් ප්‍රහාර එල්ල කළ බව යේමනයේ හවුති ගරිල්ලා කණ්ඩායම් ප්‍රකාශ කර තිබේ.

ඔවුන් පවසන්නේ තම සටන්කාමීන් විසින් සවුදි අගනුවර වන රියාද් හි මර්මස්ථාන කිහිපයකට සහ යේපනයේ දේශසීමාව අසළ පිටිහි ජාසාන් සහ අසීර්හි ආර්ථිකමය වැදගත් ස්ථාන හා හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් රොකට් ප්‍රහාර එල්ල කළ බවයි.

සෙනසුරාදා දිනයේ දී හවුති ගරිල්ලා කණ්ඩායම් විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිල දෙකක් අරාබි ගුවන් හමුදාව විසින් වළක්වා ඇති බව සෞදි රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.


RECOMMEND POSTS