සෞදියට-චීනයට-රුසියාවට විරෝධයක්



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකත්වය ලබා දෙන්නැයි සෞදිය, චීනය සහ රුසියාව ඉල්ලුම් කර ඇති අතර, ජගත් මානව අයිතීන් සුරැකීම වෙනුවෙන් පෙනී සිටින ආයතන සහ ක්‍රියාකාරීක්ගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වෙයි.

සෞදිය, චීනය සහ රුසියාව මාන හිමිකම් උල්ලංගනය කරන රටවල් බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සමාජිකයන් වීමට ඔවුන්ට අවස්ථාවක් නොදිය යුතු බවත් විරෝධය පළ කරන ආයතන, සංවිධාන සහ මානව ක්‍රියාකාරීන් පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ආසන 15 ක් වෙනුවෙන් ඡන්ද විමසුමක් පැවැත්වෙන අතර, සෞදිය, චීනය සහ රුසියාව එම ආසන වෙනුවෙන් ඉල්ලුම් කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS