සෞඛ්‍ය රක්ෂණය ක්‍රමයක්



2019 වර්ෂය අවසන් වීමට පෙර සෞඛ්‍ය රක්ෂණක්‍රමයක් ඕමානය තුල ක්‍රියාත්මක කරන බවට ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

සෞඛ්‍ය රක්ෂණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියළුම අධ්‍යයන කටයුතු මේවනවිට සිදුකර අවසන් බව ඕමාන් සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය අහමඩ් බින් මොහොමඩ් අල්-සයිඩි ප්‍රකාශ කළේ ය.

දකුණු කොරියානු රක්ෂණ සමාගමක් සමඟ අදාල රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අධ්‍යයන කටයුතු සිදුකළ බවත් කැබිනට් අනුමැතිය ලැබී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS