සේවකයන්ට මාරු වෙන්න බෑ: කුවේටය කියයි



කුවේට් රාජ්‍ය අංශයේ සේවය කරන සේවයන්ට පෞද්ගලික අංශයට මාරු වීම තහනම් කර ඇති බව වාර්තා වේ.

යැපුම් වීසා බලපත්‍ර, පෞද්ගලික අංශයේ රැකියා වීසාවලට මාරු කිරීම සඳහාද සීමාවන් පැනවීමට මිනිස්බල අධිකාරිය තීරණය කර ඇත.

කුවේට් පුරවැසියන්, සංචාරක ලියකියවිලි සහිත පලස්තීනුවන්, විශේෂිත තාක්ෂණික වෘත්තීන්හි නියුතු අය (වෛද්‍යවරුන්, හෙදියන් වැනි) සහ වෙනත් තාක්ෂණික ක්ෂේත්‍රවල පුද්ගලයන් නිදහස් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS