සෘජු සාකච්ඡා පවත්වනවා



වසර ගණනාවක් තිස්සේ පවතින අර්බුදය අවසන් කරමින්, අසල්වැසි ඇල්ජීරීයාව සමඟ සෘජු සාකච්ඡා පැවැත්වීමට තමන් කැමැති බව මොරොක්කෝවේ 6 වැනි මොහොම්මද් රජු පවසා ඇත.

දෙරට අතර පවතින අර්බුදය නිමාකිරීමට ව්‍යවස්ථානුකූල යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් 6 වැනි මොරොක්කෝ රජු අවධාරණය කර තිබේ. ඒ, ජාතිය අමතමින් කළ ප්‍රකාශයේදීය.

ඇල්ජීරියාව සහ මොරොක්කෝව අතර දේශසීමාවේ දිග කිලෝ මීටර් 1,600 කි. 1994 වසරේ දී මොරොක්කෝව, ඇල්ජීරියානුවන් වෙනුවෙන් නව වීසා නීති පැනැවීය.

ඒ, මොරොක්කෝවේ මරාකෙච් නුවර ඇට්ලස් අස්නී හෝටලයට එල්ල වුණු බෝම්බ ප්‍රහාරය හේතුවෙනි. එම අවස්ථාවේදී දෙරට හටගත් අර්බුදය උත්සන්න වුණු අතර ඇල්ජීරියාව සහ මොරොක්කෝව අතර ඇයිහොඳයිකම් පළුදු විය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS