සූරා මැතිවරණය 27 දා



ඕමාන සුරා කවුන්සිලයේ මැතිවරණය ඔක්තෝබර් 27 දින පැවැත්වෙන බව වාර්තා වේ.

සුදුසුකම් ලැබු ඕමාන ජාතිකයන් මැතිවරණය සඳහා ඉදිරිපත් වන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසීය.

ඡන්දදායකයින්ගේ මූලික ලැයිස්තු මැතිවරණ කමිටු විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර මැතිවරණ කමිටුවට අයත්නිල වෙබ් අඩවිය හරහා ලැයිස්තු ප්‍රකාශයට පත් කර ඇත.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිල සංඛ්‍යාලේඛනවලට අනුව, මූලික ලැයිස්තුවේ සිටිනසුදුසුකම් ලත් ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 713,335 ක් වන අතර එම පිරිසට පිරිමි ඡන්දදායකයන් 375,801 ක් සහ කාන්තාවන් 337,534 ක් ඇතුළත් වේ.

සූරා කවුන්සිය සදහා සාමාජිකයන් අසූ හය දෙනෙක් තෝරා පත් කරගැනීමට නියමිතව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS