සුභවාදී ප්‍රතිඵලයක් ගැන අපේක්ෂාවක්



සෞදි අරාබියේ රියාද් නුවර පැවැත්වෙන 40වැනි ගල්ෆ් සහයෝගිතා සමුළුවෙන් සුභවාදී ප්‍රතිඵලයක් කුවේටය අපේක්ෂා කරන බව වාර්තා වේ.

ගල්ෆ් කලාපය තුල ඇති වී තිබෙන අර්බුද අවසන් කරගැනීමට සාධනීය ලක්ෂණ මෙවර සමුළුවෙන් පෙන්නුම් කරන බවට කුවේට් නියෝජ්‍ය විදේශ අමාත්‍ය, කාලිඩ් අල් ජරල්ලා පැවසීය. 

ගල්ෆ් සහයෝගිතා සමුළුව ආසන්නයේ පැවැත්වීමට නියමිත විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී කුවේට් හිටපු මුදල් ඇමති ආචාර්ය නයෙෆ් අල්-හජ්රෆ් මහතා නව ජීසීසී මහලේකම්වරයා ලෙස නම් කිරීම පිළිබඳව සාකච්ඡා කරන බව නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ආචාර්ය අල්-හජ්රෆ්ගේ නාමයෝජනාව ගල්ෆ් සහයෝගිතා සමුළුවේ න්‍යාය පත්‍රයටද ඇතුළත් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS