සුනාමි පෙරහුරුවට 4,000ක්



ඉන්දියන් සාගරයෙන් ඇතිවිය හැකි සුනාමිඅවධානම් තත්ත්වයකට ප්‍රයෝගිකව මුහුණ දෙන ආකාරය පිළිබඳ පෙරහුරුවක් පුද්ගලයන් හාරදහසක් (4,000) යොදාගනිමින් ඕමාන් රාජකීය පොලීසිය සහ මහජන ආක්ෂාව හා ගිලන් රථ අධිකාරියේ සහයෝගයෙන් පසුගියදා සවාඩි වෙරළ තීරයේ දී පවත්වා ඇත. 

සුනාමි තත්ත්වයකටමුහුණ දෙන ආකාරය පිළිබඳව ප්‍රයෝගික අත්දැකීමක් ලබාගැනීමට ඕමාන ජනතාවට අවස්ථාව හිමි විය.

අංග සම්පූර්ණ ගිලන් රථ සහිත වෛද්‍ය කණ්ඩායම් පෙරහුරුවට යොදා ගෙන ඇති අතරඅන්තර්ජාතික සාගර විද්‍යා කොමිසමේ සහයෝගයද ලැබී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS