සුදුසුකම් සහතික කරගත යුතුයි



එක්සත් අරාබි එමිරේටේස් රාජ්‍යයේ පෞද්ගලික අංශයේ රැකියාවල නිරතව සිටින සේවකයන්ගේ සුදුසුකම් සහතික කර ගත යුතුව ඇති බව වාර්තා වේ.

විදේශිකයන්ට සහ එමිරේට්ස් ජාතිකයන්ට අදාල වන පරිදි නීතිය වෙනස් කිරීමට එමිරේට්ස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ මානව සම්පත් සහ එමිරෙට්ස්කරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

පෞද්ගලික අංශයේ රැකිවලට අයදුම් කිරිමේදි උපාධිය අනිවාර්ය කිරීමට, නීතිවිරෝධි ආකාරයෙන් උපාධි ලබාගෙන ඇති උපාධිධාරීන් හඳුනාගැනීමට සහ සුදුසුකම් ඇති පුද්ගලයන් රැකිවලටබඳවාගැනීමටඅමාත්‍යාංශය තීරණය කර ඇත.

උපාධිවල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් විශ්වවිද්‍යාල සමඟ කටයුතු කරන බවමානව සම්පත් සහ එමිරෙට්ස්කරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS