සුඩානය ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කරන්න



ඇමෙරිකා ත්‍රස්ත ලැයිස්තුවෙන් සුඩානය ඉවත් කරන්නැයි, සුඩාන වෙනුවෙන් සෞදියේ සල්මාන් රජු ඇමෙරිකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය සුඩානය ඔවුන්ගේ ත්‍රස්ත ලැයිස්තුවට ඇතුළත් කළේ සුඩානය ත්‍රස්තවාදයට අනුග්‍රහය දෙන බවටත්, උඩගෙඩි දෙන බවටත් චෝදනා කරමිණි. ඒ, ඕමාර් අල් බෂීර් සුඩාන ජනාධිපති ධුරය හොබවද්දීය.

හමුදා කුමන්ත්‍රණයකින් අල් බෂීර් බලයෙන් නෙරපා දැමීමෙන් පසු සුඩානයේ අන්තර්වාර රජය පිහිටුවනු ලැබුණි. ඒ, හමුදාවේත් විපක්ෂයේත් එකමුතුවෙනි. එම අන්තර්වාර රජය විශේෂ පාලක මණ්ඩලයක් විසින් මෙහෙයවීම සිදු කරනු ලබයි. එම පාලක මණ්ඩලයේ හමුදා ප්‍රධානී ජනරාල් අබ්දෙල් ෆාටා අල් බුර්හාම් පසුගිය දා සෞදියේ රියාද් නුවරට පැමිණ සල්මාන් රජු හමුවිය.

රියාද්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS