සී.අයි.ඒ. ඔත්තුකරුවන් 8ක් අල්ලා ගත්තා



ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශයට සම්බන්ධවී කටයුතු කළ අට දෙනකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වූ බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනි පවසා ඇත.

මෙම අට දෙනා ඉරාන වැසියන් ඉරාන රජයට එරෙහිව උසි ගැන්වීමට තැත් කළ අය යැයි ද චෝදනා එල්ල වී තිබේ. පසුගිය දින කිහිපයේ ඉරානයේ තෙහෙරාන් ඇතුළු ප්‍රධාන නගර රැසක රජයට එඓහි විරෝධතා පැවැත්විණි.

විරෝධතා ආරම්භ වූයේ ඉරාන රජය හිටිහැටියේ ඉන්ධන මිල ඉහළ දැමූ නිසාය. සලාක ක්‍රමයට ඉන්ධන ලබා දීමට ද ඉරාන රජය කටයුතු කළේය.

ඉරාන රජයට මෙසේ ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූයේ ඇමෙරිකාව පනවා ඇති සම්බාධක නිසාය. ඇමෙරිකාව ඉරානයට සම්බාධක පැනැවීමක් කර ඇත්තේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළ කිරීමක් ලෙසය.

ජනතා නොසන්සුන්තා ඇති වූයේ ඇමෙරිකාව ජනතාව උසි ගැන්වූ නිසා යැයි ඉරාන රජය චෝදනා කළේ විරෝධතා උත්සන්න වෙද්දීය. ආරක්ෂක අංශ විරෝධතාකරුවන්ට වෙඩි තැබූ බවත් එම වෙඩි තැබීම්වලින් 140 ක් පමණ මියගිය බවත් ඇමෙරිකන් පුවත්පත් වාර්තා කර තිබුණි.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS