සිසුවෙක් යකා නටයි



සෞදි අරාබියේ ටබුක් පළාතේ හජීර් නගරයේ උසස් පාසලක පරිපාලන නිලධාරියෙක්ට පාසල් සිසුවෙක් පහර දී ඇති බව වාර්තා වේ.

පාසල් සිසුවා පහරදීමෙන් පසු වම් අතට පිහියකින් ඇන තුවාල සිදුකර ඇති අතර බලනහරය හානි වී ඇති බව පාසල් ආරංචි මාර්ග සඳහන් කරයි. 

පරිපාලන නිලධාරියාට ප්‍රතිකාර ලබාදීම සඳහා ටබුන් නුවර කලීඩ් රජු රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර ඇති අතර බලනහරයට සිදු වු හානිය හේතුවෙන් ශල්‍යකර්මයක්ද සිදුකර ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යෑමට පොලීසියට භාර දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS