සිවිලිම කඩා වැටී 3ක් මියයයි



කුවේටයේ මුස්ලිම් දේවස්ථානයක සිවිලිම කඩා වැටීම හේතුවෙන් විදේශිකයන් තිදෙනෙක් (03) ජීවිතක්ෂයට පත් වී ඇත.

බරපතල තුවාල ලැබු දෙදෙනෙක් (02) ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කිරීමට සිවිල් ආරක්ෂක අධිකාරිය කටයුතු කර ඇත.

දේවස්ථානයේ සිවිලිම ඉදිකරමින් පවතින අවස්ථාවේ මෙම අවාසනාවන්ත සිදුවීම සිදු වී ඇති අතර සිවිලිම කඩාවැටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

මියගිය විදේශිකයන් තිදෙනාගේ මෘත දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා රෝහලකට රැගෙන ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS