සිරියා ප්‍රහාරයට විස වායු යොදාගෙන: පරීක්ෂණයකින් තහවුරු වෙයි



සිරියාවේ ඉඞ්ලිබ් පළාතට අප්‍රේල් 4 වැනිදා එල්ල වූ ප්‍රහාරයට සරීන් හෝ ඒ හා සමාන තහනම් කරන ලද විස වායුවක් යොදාගෙන ඇතැයි ගෝලීය රසායනික අවි ආයුද භාවිතය සම්බන්ධයෙන් වන නිරීක්ෂණ සංවිධානයක් උපුට දක්වමින් බ්‍රිතාන්‍ය නියෝජිත පිරිසක් ප්‍රකාශ කර ඇත.

තුර්කි සහ බි්‍රතාන්‍ය පරීක්ෂණාගාරවලට මීට පෙර කරන ලද පරීක්ෂණ සහ මෙම නව පරීක්ෂණ වාර්තා ගැලපෙන බව වාර්තා වන බව ද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.

සිරියාවේ ඉඞ්ලිබ් පළාතට එල්ල කරන ලද ප්‍රහාරයට සරීන් හෝ ඒ හා සමාන තහනම් කරන ලද විස රසායනයක් යොදාගෙන ඇති බව රසායනික අවි තහනම් කිරීම සඳහූ වූ සංවිධානයයේ අධ්‍යක්ෂක ජෙනරාල් අහමෙත් උසුම්සු පවසා ඇති අතර ඒ බව උපුටා දක්වමින් බ්‍රිතාන්‍ය නියෝජිත ඉහත ප්‍රකාශය සිදු කර තිබේ. 

අප්‍රේල් 4 වැනිදා එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 90 ගිය අතර ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් එම ප්‍රහාරය සම්බන්ධයෙන් සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් ඇතුළු සිරියානු ආණ්ඩුවට සහ රජයේ හමුදා චෝදනා කළේය.
 
සිරියානු ආණ්ඩුව එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර සිරියානු රජයේ ගුවන් හමුදා ප්‍රහාර එල්ල කර ඇත්තේ කැරැලිකරුවන් රසායනික භාවිත කරමින් බෝම්බ නිෂ්පාදනය කරන ස්ථානයක යැයි රුසියාව ප්‍රකාශ කළේය.

RECOMMEND POSTS